පුත්තලම දිස්ත‍්‍රික් ජනතාවට සහන සැපයීම වෙනුවෙන් බඩඉරිඟු‍ වගා ව්‍යාපෘතියක්

 04/11/2018 - 17:49
11 reads

පුත්තලම දිස්ත‍්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා බඩඉරිඟු‍ අක්කර 600ක වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ගොවිතැන් කටයුතු අඩාල වීම හේතුවෙන් කන්න දෙකක් කිසිදු බෝගයක් වගා කිරීමට නොහැකි වූ එම ප‍්‍රදේශවල ගොවි පවුල් 500 ක ට අධික පිරිසක් පීඩාවට පත්වූ බව ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව අතිරේක බෝග වගාවන් සඳහා ද ගොවිජනතාවට සහන සැලසීමටයි රජය කටයුතු කර ඇත්තේ.

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ප‍්‍රතිපාදන ඵලදායී ලෙස යොදවමින් ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයාට සහන සැලසීම මෙම වැඩපිළිවෙලෙ අරමුණයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news