කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

 04/11/2018 - 16:29
211 reads

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත අද රාත්‍රීය දක්වා ඇතැම් ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

අකුණු අනතුරු ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩවීමක් හෙට දිනයේ සිට අපේක්‍ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පාළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව ද සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news