සූරියවැව කෙසෙල් පොලේ කළබලයක්

 04/11/2018 - 09:28
175 reads

නියමිත පරිදි අවුරුදු කෙසෙල් පොළ නොතිබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සූරියවැව කෙසෙල් ගොවීන් පවසනවා.
සෑම වසරකම අලුයම් කාලයේ එම පොල ආරම්භ වුව ද ඊයේ දින එය ආරම්භ නොවූ බවයි නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, සිය  එළවලු අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් ගොවීන් පිරිසක් අපහසුතාවට ලක්ව සිටිමේ පුවතක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වුණා.
ඊයේ දිනයේදී ද සිය අස්වනු නිසි මිලකට අලෙවි කිරීමට නොහැකි වීම හේතුවෙන් පීඩාවට පත්වූ ගොවීන් මෙලෙස සිය අදහස් පළ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news