කැලණි රජමහා විහාරයේ භාණ්ඩ සොරාගත් සැකකරු අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි

 04/10/2018 - 19:55
296 reads

කැළණි රජමහා විහාරස්ථානයේ භාණ්ඩ සොරා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිනවා.
පසුගිය දෙවන දා අදාළ සොරකම සිදුව ඇති අතර එහිදී පෞරාණික භාණ්ඩ අස්තානගත වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
විහාරස්ථානයේ සවිකර තිබූ සි.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන් වූ වීඩියෝ පටයක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්       071 68 68 675 හෝ 011 29 4 77 80 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news