සංශෝධනය කළ නව රථ වාහන දඩ මුදල් අලුත් අවුරුද්දෙන් පසු අය කරගැනේ

 04/09/2018 - 18:32
138 reads

සංශෝධනය කළ නව රථ වාහන දඩ මුදල් අය කර ගැනීමේ ක්‍රමවේදය අලූත් අවුරුද්දෙන් පසුව සිදුකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව තීරණය කර තිබෙනවා.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ NEWS24 වෙත සඳහන් කළේ රථ වාහන වැරදි 33කට අදාළ දඩ මුදල් සංශෝධනය කිරීමෙන් පසු නව දඩ මුදල් අය කිරීමේ ක්‍රමවේදය සකස් කර ඇති බවයි.

මේ අනුව රථ වාහන වැරදි දෙකක් සඳහා රුපියල් 25,000ක දඩයක් අය කිරීමට මීට පෙර කර තිබූ යෝජනාව රුපියල් 6000 සහ 3000 දක්වා පහළ දමා තිබෙනවා.

මීට අමතරව අප්‍රේල් මස 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කිරීම මැයි මස ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news