දිවයින ආසන්නයේ පැවැති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි

 03/13/2018 - 19:33
9 reads

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට වර්ධනය වී නිරිත දෙසින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එය දිවයිනෙන් ඉවත්ව අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව දිවයිනේ නැගෙනහිර කොටස ඇතුළු ප්‍රදේශ රැසක පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හෙට දිනයෙන් පසු යම් ප්‍රමාණයකට අඩුවිය හැකි බව සඳහන්.
මේ අතර ගත වූ  පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ පොලොන්නරුවේ අංගන්මැඩිල්ල සහ අරලගංවිල යන ප්‍රදේශයන්ටයි.
එහි අගය මිලිමීටර 135 ක්.
එමෙන්ම මිලිමීටර 120 ක වර්ෂාපතනයක් අනුරාධපුර මරදංකඩවල ප්‍රදේශයට වාර්තා වී ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news