කල්ලාරු ඇතාගේ දළ ළඟ තබන් සිටි සැකකරුවන් තිදෙනාට දඩ

 03/13/2018 - 19:18
2 reads

මිය ගිය කල්ලාරු හස්තියාගේ දළ යුගලය  නීති විරෝධි ලෙස ලග තබා ගත් බවට චෝදනා ලැබ සිටි සැකකරුවන් තිදෙනා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව  එහිදී එක් අයෙකුට රුපියල් 75, 000 බැගින් වූ දඩ මුදලක් නියම කර ඇති බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම මාස 6 බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවමක් ද නියම කළ  මහේස්ත්‍රාත්වරයා එය වසර 5 කට අත්හිටුවන ලෙසට ද එහිදී නියෝග කර තිබෙනවා.
මෙලෙස අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේ සිලාවතුර, මන්නාරම සහ මුල්ලිකුලම් යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news