සීදුව පොලීසියේ Crime OIC අල්ලස් දැලට කොටු

 03/13/2018 - 18:12
12 reads

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සීදුව පොලීසියේ අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීදුව පොලිස් පරිශ්‍රයේදීම අද (13) දහවල් රුපියල් විසි පන් දහසක මුදලක් සහ වයින් බෝතලයක් අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවයි එම කොමිසම කියා සිටියේ.
අදාළ සැකකාර ස්ථානාධිපතිවරයා මෙම අල්ලස් මුදල ලබාගැනීමට උත්සාහ කර ඇත්තේ සීදුව පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලක අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුට වාසි වන අයුරින් කටඋත්තරයක් ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සීදුව පොලිසියේ අපරාධ අංශයේ සැකකාර ස්ථානාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news