මුහුදේ පා වෙමින් තිබූ දියර බෝතලයක් පානය කළ ධීවරයෙක් මරුට

 02/25/2018 - 11:46
254 reads

ගාල්ල ධීවර වරායෙන් බහු දින ධීවර යාත්‍රාවක ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මුහුදේ පා වෙමින් තිබූ දියර බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ අදාළ පුද්ගලයා නාවුක හමුදාව මාර්ගයෙන් ගොඩබිමට රැගෙන විත් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව සඳහන්.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යක්කලමුල්ල පදිංචි රනේපුර හේවගේ ගයාන් මධුශංක නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සමග මුහුදු ගොස් සිටි තවත් තිදෙනකු දැඩි කම්පනය හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news