ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටී තිදෙනෙක් මරුට

 02/14/2018 - 16:38
90 reads

කොළඹ ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ තේ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත්  කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.

තවත් පුද්ගලයින් ඊට යටවී ඇත්දැයි සොයාබැලීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මේ වනවිට සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව අදාළ ස්ථානයට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news