ප්‍රසන්න රණතුංගට එරෙහි නඩු විභාගය 12 වනදා

 02/14/2018 - 16:09
89 reads

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව විභාග කිරීම මාර්තු මස 12 වනදා ආරම්භ කිරීමට අධිකරණය අදු නියෝග කළා.

ඒ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ඉඩමක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදල් ලබා ගැනීම ඇතුළු චෝදනා 15ක් යටතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බිරිදට සහ තවත් ව්‍යාපාරිකයෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

අද දිනයේ මෙම නඩු විභාගය ආරම්භ වීමට නියමිතව තිබුණත් විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ වෙනත් නඩු කටයුත්තකට සහභාගි වීමට සිදුවීම හේතුවෙන් නඩු විභාගය කල් දමන ලෙසටයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඊට විරෝධය පළ නොකිරීම මත මෙම නඩුවේ විභාග කටයුතු මෙලෙස කල් දැමුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news