ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

 02/14/2018 - 15:03
1524 reads

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එළඹෙන සිකුරාදා දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ බවයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසුවේ.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව අග්‍රාමාත්‍යධුරයේ වෙනසක් මෙන්ම කැබිනට් සංශෝධනයක් පිළිබඳව මේ වන විට අදහස් පළවනවා.

ඒ පිළිබඳව මේ වන විට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සාකච්ඡා වට කිහිපයක් ද පවත්වනු ලැබුවා.

අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ පවතින තත්ත්වය සහ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එළඹෙන සිකුරාදා දිනයේ සිදු කරන ප්‍රකාශයෙන් පැහැදිලි කරන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news