විදුලි සැර වැදීමෙන් වන අලියකු මියයයි

 02/14/2018 - 14:30
86 reads

අම්පාර, උහන හිමිදුරාව 10 ඇල ප්‍රදේශයේ වන අලියකු මියගොස් තිබෙනවා.

පසුගිය 10 වන දින අම්පාර වනජිවි කාර්යාලයට ලද තොරතුරක් මත ඊට පසුදින අම්පාර වනජිවි පශුවෛද්‍ය නිහාල් පුෂ්ප කුමාර මහතා විසින්පරීක්ෂණයක් පවත්වා ඇතැයි සඳහන්.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව තහවුරු වී ඇත්තේ විදුලි සැර වැදීමෙන් වන අලියා මියගොස් ඇති බවයි.

එසේ මියගොස් ඇති වන අලියාගේ වයස අවුරුදු 15ක්.

news24.lk
News24
sri lanka news 24
24 news