යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා - කැබිනට් හමුවෙන් පසු සජිත්ගෙන් ප්‍රකාශයක්

 02/14/2018 - 14:18
510 reads

විවිධ අදහස්, විවිධ යෝජනා තිබුණ ද යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් අමාත්‍ය හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කැබිනට් සංශෝධන නැහැ. කොහොම හරි අපි සංශෝධනය කරන්න හදන්නේ ජනතාවගේ ජන ජීවිතය ගුණාත්මක ආකාරයෙන් හරාත්මක ආකාරයෙන්, ධනාත්මක ආකාරයෙන් මේ සංශෝධනය අපි කරන්නට ඔනේ. ඔය වෙනස් කම් ගැන කතා කරනකොට අපි කරන්න හදන්නේ ජනතාවගේ ජන ජීවිතය ජනතාවට සුබවාදී වෙනසක්. ඒ වෙනස වෙනවා.

 
විවිධ අදහස් තියෙනවා, විවිධ යෝජනා තියෙනවා, විවිධ විවේඡන තියෙනවාඳ විවිධ චෝදනා තියෙනවා. ඔය හැමදෙයක් මැද්දේ එක දෙයක් නම් ස්ථිරයි. ඒ තමයි යහපාලන ආණ්ඩුව ඉදිරියට යනව යනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

news24.lk
News24
sri lanka news 24
24 news