මුහුදු කූඩැල්ලන් ඇතුළු සත්ව කොටස් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

 02/14/2018 - 11:41
6 reads

යළන ලද මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු නොරොච්චෝලය, කරඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුත් වියළී මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 688 ක් සහ වියළන ලද මොර වරල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 625 ක් සොයාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ඔවුන් සතුව තිබී හදුනා නොගත් වියළන ලද සත්ව කොටස් කිලෝ ග්‍රෑම් 10 ක් ද සොයා ගෙන තිබෙනවා.

මේවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news