ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිඇමතිවරු ජනපති හමුවෙයි

 02/14/2018 - 11:37
173 reads

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පෙරවරු 11 ට පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.

NEWS24 කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම සාකච්ඡාව සැළසුම් කළ බවයි.

මේ අතර මතුව ඇති දේශපාලන අර්බුදය සහ යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදාලව කමිටුවක් පත් කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ අනුව එම සාකච්ඡාව මේ වන විට පැවැත්වෙන බවයි NEWS24 කළ විමසීමකදී අමාත්‍ය ගාමිණී  ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ.

මේ අතර, මෙම සාකච්ඡාවෙන් පසු ගනු ලබන තීරණ අනුව කමිටුවක් පත් කරෙන අතර එම  කමිටුවේ තීරණය ද අද පස්වරුව වන විට තමන් වෙත භාාර දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස්  ලබා දී අති බව වාර්තා වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news