ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

 02/14/2018 - 10:51
44 reads

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රි කාලයේයි.

ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා 2009 ජනවාරි 08 වන දින ගල්කිස්ස - අත්තිඩිය ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටයිදීයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news