පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය අද

 02/14/2018 - 10:49
46 reads

නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාශය පවසනවා.

එහි ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ මැතිවරණයෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බවයි.

මේ අතර පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ලබන සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news