චීනය සමග නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරිම සදහා කිසිදු බලපෑමක් නැහැ

 02/14/2018 - 10:41
46 reads

චීනය සමග නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරිම සදහා කිසිදු බලපෑමක් නොමැති බව චීනයේ ශ්‍රි ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසනවා.

චීනයේ බලපෑම මත ශ්‍රි ලංකාව නිදහස් වෙළද ගිවිසුමට අත්සන් තැබිමට කටයුතු කරමින් සිටින බවට පලවන විදෙස් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි කරුණාසේන කොඩිතුවක්කු මහතා මෙම අදහස් පලකර ඇත්තේ

පසුගියදා ඉන්දිය මාධ්‍ය ඇතුලු විදෙස් මාධ්‍ය සදහන් කර තිබුණේ නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරිම සදහා චීනයෙන් ශ්‍රි ලංකාවට දැඞ් බලපෑමක් එල්ල වී ඇති බවයි.

එය ප්‍රතික්ෂේප කරමින් විදෙස් මාධ්‍යයකට අදහස් දක්වමින් කරුණාසේන කොඩිතුවක්කු මහතා මේ බව සදහන් කර තිබෙනවා.

මේ වන විට දෙරට අතර අත්සන් කිරිමට සැලසුම් කර ඇති නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වට 6 ක් සාර්ථකව අවසන් කර ඇති බවද චීනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා සදහන් කර ඇති බව සඳහන්.

7 වෙනි වටයේ සාකච්ඡා ඉදිරියේදි කඩිනමින් පැවැත්විමට කටයුතු කරන බවයි චීන ශ්‍රි ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

චීනය මෙරට වැදගත් සංවර්ධන පාර්ශ්වකරුවෙකු ලෙස සලකමින් මෙම ගිවිසුම ක්‍රියාවට නැංවිමට කටයුතු කරන  බවද ශ්‍රි ලංකා තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news