ඉතිහාසයේ පළමු වරට ආදිවාසී කාන්තාවක් පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරයි

 02/14/2018 - 10:23
132 reads

මෙරට ඉතිහාසයේ පළමු වරට ආදිවාසී කාන්තාවක් පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් අදහස් පළ කළා.

ඔහු සඳහන් කරන්නේ අදාළ නියෝජිතවරිය තම ප්‍රජාව වෙනුවෙන් මෙන්ම අන්‍යයන්ට ආදර්ශයක් වෙමින් ඉදිරි වැඩකටයුතු සිදු කළ යුතු බවයි.

දෙහිඅත්තකණ්ඩිය, හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් ඩබ්ලිව්.එම්. ශිරෝමාලා නැමති 37 හැවිරිදි අදාළ කාන්තාව මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.

ඒ අනුව ඇය එහිදී ඡන්ද 1, 369 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළා.

ඇය අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news