අධිවේගී මාර්ගයට අද සිට නව මාපක යන්ත්‍ර පද්ධතියක්

 02/14/2018 - 09:56
94 reads

අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් නව මාපක යන්ත්‍ර පද්ධතියක් අද සිට ක්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ සඳහා අධිවේගී මාර්ග, සංචාරක පොලිස් කොට්ඨාසයේ සහය ද හිමිවනු ඇති.

මෙම පද්ධතිය හරහා වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර පැයට කිලෝ මීටර සියයයේ වේග සීමාව උල්ලංගනය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථානයේදී මුද්‍රණ යන්ත්‍ර හරහා නිකුත් කෙරෙනු ඇති.

අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලින් 27% ක් පමණ අධික වේගය හේතුවෙන් සිදුවන අතර එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news