ඒකාබද්ධයෙන් විශේෂ කමිටුවක්

 02/14/2018 - 09:47
136 reads

පළාත් පාලන මැතිවරණයෙන් පසුව මතුව ඇති දේශපාලන අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ඊයේ දිනයේදී විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

එහිදී වත්මන් ආණ්ඩුව ගනු ලබන තීරණ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් අනතුරුව තම පක්ෂය ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ තීරණ ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news