එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය මන්ත්‍රීවරු රැසකට නව අමාත්‍ය ධූර

 02/13/2018 - 15:34
1351 reads

තනිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ගනු ලැබූ තීරණය අනුව එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රබල අමාත්‍ය ධූර රැසක් වෙන්සවන ලකුණු දක්නට තිබෙනවා.
දැනට ප්‍රබල අමාත්‍ය ධූර දරණ වයෝවෘද්ධ පිරිසකගෙන් ඒවා ඉවත් කොට ජනප්‍රිය තරුණ මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
තනිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මූලික යෝජනාව වී ඇත්තේ එම කැබිනට් සංශෝධනයයි.
එමෙන්ම මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් යටතේ පැවති අමාත්‍ය ධූර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු කිරීමට යෝජනා කර තිබෙනවා.
පසුගිය සමයේ තමන්ට ලැබී තිබූ අමාත්‍ය ධූරවලින් රටට හෝ එක්සත් ජාතික පාක්ෂිකයාට සේවය කිරීමට නොහැකි වූ බවට ද නැගී තිබූ මැසිවිලි අද පැවති පසුපෙල මන්ත්‍රී සාක්ඡාවේදී විවාදයට ගෙන තිබෙනවා.
අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් අතර හමුවක් පැවැත්වුණා.
එහිදී ගනු ලැබූ අවසන් තීරණය අනුව තනිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුත් සම්බන්ධ කර ගත යුතු නොවන බවටත් අදහස් ඉදිරිපත් වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news