රනිල් අගමැති ආණ්ඩුවකට, නිදහස් පක්ෂය විරුද්ධයි

 02/13/2018 - 15:23
847 reads

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරණ ආණ්ඩුවක කොටස්කරුවන් වීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
එම තීරණය තමන් වෙත ද ලැබී ඇතැයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට වුව ද හැකියාව පවතින බවයි හෙතෙම කියා සිටියේ.

“ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්න ආණ්ඩුවක කිසිම ආකාරයකට සම්බන්ධ වී කටයුතු නොකරන්නටත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ අගමැති ධූරය යටතේ කටයුතු කරන්නෙ නෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරල තමයි එදා අපිව දැනුවත් කළේ.”

 

news24.lk
News24
sri lanka news 24
24 news