විපක්ෂයේ අසුන් ගන්නවාදැයි තීරණයක් ගන්න නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් රැස්වෙයි

 02/13/2018 - 13:13
635 reads

පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී විපක්‍ෂය ලෙස කටයුතු කරන්නේද යන්න පිළිබඳව අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවසුවේ පවතින තත්ත්වය අනුව ගත යුතු දේශපාලන තීණ්දු පිළිබඳව අද පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ කටයුතු කළ යුතු බවට මීට පෙර ද යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර, ඒ පිළිබඳව මෙතෙක් අවධානය යොමු නොකළ බවයි ටී.බී. ඒකනායක මහතා පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news