අරලියගහ මන්දිරයෙන් එළියට පැමිණි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ තීන්දුව මෙන්න

 02/13/2018 - 12:58
2233 reads

එක්සත් ජාතික පක්ෂයේ  තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළ බව එහි පසු පෙල මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

පක්ෂයේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම අද දහවල් අරලියගහ මන්දිරයේදී එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එම සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්ප්ුහාමි, කාවින්ද ජයවර්ධන, තුෂාර ඉදුනිල් යන මන්ත්‍රීවරුන් මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඕනෑම පක්ෂයකට තම ආණ්ඩුව සමග එක්විය හැකි බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news