මලික් සමරවික්‍රමගෙන් එ.ජා.ප ආණ්ඩුවේ අනාගතය ගැන ප්‍රකාශයක්

 02/13/2018 - 12:24
673 reads

ආණ්ඩුව ඉදිරි වසර කිහිපය තුළත් අඛණ්ඩව පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තබෙනවා.

එහි සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයට තවත් වසර දෙකහමාරක කාලයක් පවතින බැවින් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නොමැති බවයි.

ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සහය දැක්වීමට කැමැත්ත පල කරන ඕනෑම පක්ෂයක් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව පවතින බවයි මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩු වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනතාව ආණ්ඩු වෙනසක් අපේක්ෂා කර නොමැති බව ද අමාත්‍යවරය අවධාරණය කළා.

news24.lk
News24
sri lanka news 24
24 news