තිස්ස අත්තනායක යළි පැමිණීමට සුදානම්

 02/13/2018 - 12:12
2697 reads

එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රාහී මාවතකට ගෙන යාම සඳහා නිල ආරාධනයක් ලැබෙන්නේ නම් ඒ පිළිබඳව සලකා බලන බව එම පක්‍ෂයේ හිටපු මහලේකම්වරයෙකු හා අමාත්‍යවරයෙකු වූ තිස්ස අත්තනායක මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ NEWS24 වෙත අදහස් දක්වමින්.

මටත් ආරාධනා ලැබෙනවා. නැවත එජාපයේ මෙහෙයවීම් කටයුතු සඳහා එන්න කියනවා. නමුත් මට නිල  කවුරුත් ආරාධනා කරලා නෑ. සාමාන්‍ය මහජනතාව, මහජන නියෝජිතයන්, පක්ෂයේ තනතුරු තියන අය එවැනි  ආරාධනාවන් කරලා තියෙනවා.

කොහොම වුනත් එකක් තියෙනවා.  එජාපට ළගම එන අභියෝගය තමයි ජනාධිපතිවරණය. තව මාස 18කින්. හැබැයි ඒ ජනාධිපතිවරණයට මුහුණ දෙන්න නම් විශාල ප්‍රතිසංවිධානවෙනවා. නව මුහුණුවරකින් ඒ සදහා මුහුණ දෙන්න වෙනවා.

ඒ මැතිවරණ අභියෝගය භාරගන්න පුළුවන් විදියට යලි ප්‍රතිසංවිධානයක් වෙලා ආරාධනාවක් ලැබෙනවා නම් ඒ සළකා බලන්න පුළුවන්.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news