පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අගමැති හමුවෙයි - එ.ජා.ප යේ අමාත්‍යවරුන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

 02/13/2018 - 11:55
431 reads

එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මණ්ත්‍රීවරුන් සහ පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

අද පෙරවරු 10.30 ට අරලියගහමන්දිරය වෙත පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා NEWS24 වෙත පැවසුවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර, ජනාධිපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.

ජනාධිපතිවරයා එහිදි අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ ජන මතයට ගරු කරමින් කඩිනමින් තීරණයක් ගන්නා ලෙසයි.

news24.lk
News24
sri lanka news 24
24 news