රාගම වෙළෙඳ සැලක ගින්නක්

 02/13/2018 - 11:20
2 reads

රාගම කැන්දලියද්ද පාළුව,ගනේමුල්ල ප්‍රදේශයේ රථවාහන තෙල් අලවි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ හටගත් ගින්න පොලීසිය, ප්‍රදේශවාසීන් සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ගින්න හේතුවෙන් ජිවිත හානි සිදුව නොමැති බවයි රාගම පොලීසිය පැවසුවේ.

සිදුව ඇති දේපල හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news