වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගක්

 02/13/2018 - 09:16
89 reads

ගිං, නිල්වලා  ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401 ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමණාකරන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී එම විවෘත වරෙන්තුව නිකුත් කළා.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබූ මුදලින් සියයට පහක මුදලක් සැකකරු අවභාවිත කර ඇති අතර මේ වනවිට මෙම සැකකරු විමර්ශන මග හැර ගොස් ඇති බව සඳහන් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු පැහැදිලි කර තිබෙනවා.

වාරිමාර්ග හා ජල කළමණාකරණ අමාත්‍යාංශය සිදුකිරීමට නියමිතව තිබූ ගිං නිල්වලා යෝජනා ක්‍රමය සඳහා සී ඒ එම් සී ඉන්ජිනියරින් සමාගම සමඟ සැකකරු ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදා ගිවිසුමක් අත්සන් කර ඇති බවටයි අධිකරණයට කරුණූ වාර්තා කර ඇත්තේ.

එහිදී අදාළ මුදලින් රුපියල් මිලියන 4012ක මුදලක් අවභාවිත කළැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව යළි ලබන මාර්තු මස 26 වැනිදා කැඳවීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news