බැඳුම්කර ගණුදෙනුවට අදාල නඩුවේ සැකකරුවන්ගෙන් අද සිට වැඩිදුර ප්‍රශ්න කිරීම්

 02/13/2018 - 09:10
11 reads

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැඳුම්කර ගණුදෙනුවට අදාල නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන්ගෙන් අද දිනයේ සිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ  අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට එම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට ඊයේ දිනයේ අධිකරණයෙන් ලබාදුන් එකඟතාවයකට අනුවයි.

අද, හෙට සහ අනිද්දා යන තෙදින බන්ධනාගාරය තුළදී සැකකරුවන්ගෙන් විශේෂ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news