මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් ජනපතිගේ සුභාශිංසන

 02/13/2018 - 08:53
14 reads

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිවරාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා.

ආදිකල්පිත නිර්මාණ හා විශ්ව ආරක්‍ෂණය සමරණ ශිවදෙවියන්ගේ තාන්ඩව හෙවත් විශ්ව නර්ථනය දැක්වීමට අද වැනි දිනක සිදු වූ බවයි හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වී ඇත්තේ.

ඒ අනුව, ලොවපුරා හින්දු මැතිමතුන් අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා ශිවදෙවියන්ට පූජf්‍යා්පහාර දක්වමින් මහ ශිව රාත්‍රී දිනය සමරනු ලබනවා.

මහ ශිවරාත්‍රී දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ සමස්ථ ලෝකයටම ශාන්තිය උදාවේවායි යන්න සිය ප්‍රාර්ථනය  වන බවයි.

මිනිසා තුළ නිදන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥා ලෝකය පැතිරේවායි යන්න ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා.

ආගමික විශ්වාස හා සමාජයේ යහ පැවැත්ම මිනිස් සමාජය තුළ තහවුරු කිරීමට හේතු වන මහ ශිවරාත්‍රී දිනය සමරණ ශිව භක්තිකයන් සියලුදෙනාට සිය සුබපැතුම් එක් කරන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  තවදුරටත් දැක් වුණේ.

    

 

 

news24.lk
News24
sri lanka news 24
24 news