පළාත් පාලන ආයතන සංස්ථානපනය කිරීම මාර්තු 6 දක්වා කල්යයි

 02/13/2018 - 08:42
50 reads

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වන දා දක්වා කල් තබා තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ එම ක්‍රියාවලිය එළඹෙන 15 වන දා සිදුකිරීමට නියමිතව තිබූ බවයි.

කෙසේ වෙතත්, ජයග්‍රහණය කළ කාන්තා නියෝජිතයන්ගේ අවසන් ලේඛනය සැකසීම ප්‍රමාදවීම හේතුවෙන් මෙලෙස පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම කල් ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අතිරේක ලැයිස්තුවෙන් ඒ ඒ පක්ෂවලට හිමි මන්ත්‍රී ධූර සඳහා පත් කරන නියෝජිතයින්ගේ නාම ලේඛනය එම පක්ෂවලින් මැතිවරණ කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව තේරී පත්වූ පළාත් පාලන සභිකයින් ගේ නාම ලේඛනය ගැසට් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළා.

news24.lk
News24
sri lanka news 24
24 news