සිත.එෆ්.එම් අභිමානවත් දෙවන සංවත්සරය අද

 02/13/2018 - 08:36
55 reads

ස්කයි මාධ්‍ය ජාලයේ සිත එෆ්. එම්. අපි අද දෙවන සංවත්සරය සමරනු ලබනවා.

ඒ, වසර දෙකක අභිමානවත් මාධ්‍ය මෙහෙවරක් සිදු කිරීමේ පෙරගමන්කරු වීමේ අභිමානයෙන්.

වසර දෙකක අභිමානවත් සංවත්සරය සමරන මේ මොහොතේ ස්කයි මාධ්‍ය ජාලයේ රස එෆ්. එම්. සහ රෙඞ් එෆ්. එම්. සහෝදර නාලිකා ද නිරන්තරයෙන් ශක්තියක් වෙමින් අප වටා අත්වැල් බැඳගෙන සිටිනවා.

බුද්ධිමත් ශ්‍රාවක ප්‍රජාවක් බිහි කරමින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගමින් කෙටි කලක් තුළ විශාල ජන ප්‍රසාදයක් දිනා ගැනීමට සිත එෆ්. එම්. අප සමත් වුණා.

“සිත ඔබ ළඟමයි” නැවුම් මුහුණුවරකින් අද දිනයේ සිට ශ්‍රාවකයන් වෙත පැමිණීමට අපි සුදානම්.

සිත එෆ්.එම්. නාලිකාව තුළින් විශ්වාසනීයත්වයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ගත වු කාලය තුළ අප ආ ගමන් මග පිළිබඳව වසර දෙකක් සපිරෙන මොහොතේ NEWS24 අපගේ සුභ පැතුම් එක් කර සිටිනවා.

news24.lk
News24
sri lanka news 24
24 news