නායකත්වය වෙනස්විය යුතුයි - හර්ෂ අගමැතිට කෙලින්ම කියයි

 02/13/2018 - 08:30
516 reads

අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ පස්වරුවේ සිය පක්‍ෂයේ නියෝජිතයන් අරලියගහ මන්දිරය වෙත කැඳවූ අතර, එහිදි මැතිවරණ ප්‍රතිඵලය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි වාර්තා වුනේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයේ වෙනසක් සිදු විය යුතු බවට තමන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බවයි.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද අදහස් පළ කළා.

 මීට අමතරව ජනතා අපේක්‍ෂාවන් පිළිබඳව සිතා තීරණයක් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රියේ පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එසේ නොවන්නේ නම් තමන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බව ද ජනාධිපතිවරයා පෙන්වාදී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා මලික් සමරවික්‍රම, කබීර් හසීම්, මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මැති ඇමතිවරුන් එක් වුණා.

මෙම සාකච්ඡාවට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය පක්‍ෂවල නියෝජිතයන් සමග සාකච්ඡා සිදු කරනු ලැබුවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news