මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 85 දෙනෙකු අත්අඩංගුවට

 02/12/2018 - 18:22
11 reads

පළාත් පාලන මැතිවරණයට අදාළව නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔවුන් අදාළ චෝදනාවන් සඳහා අධිකරණයෙන් වරදකරුවන් බවට තහවුරු වුවහොත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කරන බවයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ කාල සීමාව තුළ පුද්ගලයින් 668 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news