මැතිවරණය පැවති දින රාත්‍රීයේ නිවසකට ඇතුළු වී පහර දුන් ආධාරකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

 02/12/2018 - 18:17
44 reads

මැතිවරණය පැවති දින රාත්‍රීයේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතු`ඵ වී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනෙකු ලබන 16 වන දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවනි දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මැතිවරණය පැවති අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිය දුරකථනයෙන් වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා.

කුලියාපිටිය - වීරමුව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම වීඩියෝගත කිරීම සම්බන්ධයෙනුයි සැකකරු අත්අඩංගුවට ගැණුනේ.

ඉන් අනතුරුව සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැරුණා.

news24.lk
News24
sri lanka news 24
24 news