වාස් ගුණවර්ධනට බරපතල වැඩ සහිත සිර දඩුවම්

 02/12/2018 - 16:42
303 reads

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද නියම කෙරුණා.

ඒ, 2013 වසරේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණිය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවිම හේතුවෙන්.

ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් යටතේ වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබුණා.

ඉන් මරණිය තර්ජන එල්ල කිරිමේ චෝදනාව වැඩිබර සාක්ෂිමත ඔප්පුකර ඇති බැවින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news