ඇලෝසියස්ගෙන් සහ පලිසේනගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සී.අයි.ඩි යට අවසරය

 02/12/2018 - 15:25
6 reads

බැඳුම්කර ගණුදෙනුවට අදාල නඩුවේ සැකකරුවන් වන අර්ජුන් අලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබෙනවා.

ඒ අනුව ලබන 13, 14 සහ 15 යන තෙදින බන්ධනාගාරය තුළදී එලෙස විශේෂ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට ලිඛිත නියෝගයක් ලබා දුන් බව සඳහන්.

අදාළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබුවේ අද පෙරවරු කාලයේදීයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news