එ.ජා.ප හා පොදුජන පෙරමුණේ පිරිසක් සීගිරියේ දී ගැටෙයි

 02/12/2018 - 11:47
44 reads

දඹුල්ල  ප්‍රාදේශීය සභාවට තරග වැදුණු එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් හා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගැටුමකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගැටුම සම්බන්ධයෙන් පස් දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බවයි  සීගිරිය පොලිසිය පවසන්නේ.

දඹුල්ල  ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදී පරාජය වී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර සීගිරිය ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ එක  ගැටුමක් හටගෙන තිබුනා.

එයින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු සහ ‍ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු තුවාල ලබා සීගිරිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කෙරුණා.

සැකපිට අත්අඩංගුවට ගත් පිරිස  මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙකු බවයි  සීගිරිය පොලිසිය පැවසුවේ.

මීට අමතරව   නිකවටවන ප්‍රදේශයේදී ශ්‍රී  පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකුට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු දඹුල්ල රෝහලට ඇතුළත්ව සිටිනවා.
ඔහු  වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යැවීමට නියමිත බවයි  දඹුල්ල රෝහලේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ.
දඹුල්ල  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකම සුළු ගැටුම්කාරී තත්ත්වයන් කිහිපයක් වාර්තා වී ඇතත් එම සමථයකට පත් වූ  බව පොලීසිය සඳහන් කළා.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි  සීගිරිය පොලිසිය පැවසුවේ.

news24.lk
News24
sri lanka news 24
24 news