පාර්ලිමේන්තුව විසුරුවාහරින්නැයි හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්

 02/12/2018 - 11:40
433 reads

රටේ පවතින වත්මන් දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැර නව ආණ්ඩුවක් පිහිටවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

''රටේ මේ තියන අස්ථාවර භාවයට මේ සියල්ල වෙනස් කිරීමට හොඳම දේ වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා එහි ප්‍රතිපල අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටවීමයි.''

යනුවෙන් හිටපු ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

එහිදී ජන්දයක් පැවැත්වීමට නම් 19වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් විය යුතුද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ''අවශ්‍ය වුවහොත් එම සංශෝධනය සඳහා පක්ෂව ජන්දය ලබා දීමට සුදානමින් සිටින'' බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news