හම්බන්තොට මහ නගර සභාවේ බලය එ.ජා.ප.යට අහිමි වන ලකුණු

 02/12/2018 - 10:20
345 reads

හම්බන්තොට මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සන්ධාන ගතව පිහිටුවන බව   හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මන්ත්‍රී ධූර 9 ක් හිමිකරගනිමින් හම්බන්තොට මහ නගර සභාවේ බලය හිමිකරගත්තේ එක්සත් ජාතික පක්ෂයයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 7 ක් ලබාගෙන ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් මන්ත්‍රී ධූර සංඛ්‍යාව 4 ක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන නායකත්වය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන නායකත්වය සමඟ හම්බන්තොට මහ නගර සභාවේ බලය සම්බන්ධව සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Mayor
Hambantota
Municipal Council
Eraj Ravindra Fernando
election
LG poll