ප්‍රතිඵල වලින් ජනතාව පක්ෂයට අනතුරු අඟවයි

 02/11/2018 - 19:14
178 reads

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල වලට අනුව තම පක්ෂය වෙත ජනතාව අනතුරු ඇගවීමක් සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සපුරාලීමට නොහැකි වූ ඇතැම් දේවල්  මෙන්ම අසාර්ථක වූවන් ද පවතින බවයි.

කෙසේ වෙතත් අගෝස්තු මාසයේදී ජනතාව විසින් ලබා දුන් ජනවරමට අනුව පැවරී ඇති කාර්යය ඔවුන් වෙනුවෙන් අර්ථ පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීමට කැපවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉටුකළ ඇතැම් කාර්යයන් මෙතෙක් ප්‍රදර්ශනය වී නොමැති බවත් නොබෝ කළකින් ඒවායේ ප්‍රතිඵල ජනතාව හමුවේ දිස්වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news