බේරුවල සහ බණ්ඩාරවෙල ඇතුළු සභා 05ක බලය ස්වාධින කණ්ඩායම් වලට

 02/11/2018 - 19:04
390 reads

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත් කරනු ලැබු පළාත් පාලන ආයතන 330න් 213ක බලය හිමිකර ගත් පොදුජන පෙරමුණ, පෙරමුණ ගෙන සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය ආයතන 39ක බලය හිමි කර ගනිමින් දෙවන ස්ථානය ද ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ආයතන 33ක බලය ද හිමිකර ගෙන තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර හිමිකර ගැනීමට හැකිවුයේ ආයතන 07ක බලය පමණයි.

ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 05ක මෙවර සිය බලය තමන් සතු කර ගැනීම විශේෂත්වයක්.

news24.lk
News24
sri lanka news 24
24 news