ප්‍රතිඵල අවසන් අදියරේ - වැඩිම ජය පොහොට්ටුවට

 02/11/2018 - 18:48
216 reads

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිඵල වලට අනුව වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්ව තිබෙනවා.

ඒ අනුව මහ නගර සභා 08 ක්, නගර සභා 16 ක් සහ ප්‍රාදේශිය සභා 189 ක බලය තමන් සතු කර ගැනීමට එම පෙරමුණ සමත් වුණා.

කඩුවෙල, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මාතර, අනුරාධපුර, කුරුණැගල, රත්නපුර සහ දඹුල්ල යන මහ නගර සභාවල බලය තමන් සතු කර ගැනීමට පොදු ජන පෙරමුණ සමත්ව තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී  මහ නගර සභා 10ක්, නගර සභා 11ක් සහ ප්‍රාදේශිය සභා 18ක බලය තමන් සතු කර ගැනීමට සමත් වුණා.

මෙවරත් කොළඹ මහ නගර සභාවේ බලය යළි තහවුරු කර ගැනීමට එම පක්ෂය සමත් වූුණා.

එමෙන්ම  දෙහිවල - ගල්කිස්ස, මහනුවර, ගාල්ල, බදුල්ල, මීගමුව, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කල්මුණේ යන නගර සභාවල බලය ද හිමි වූයේ එක්සත් ජාතික පක්ෂයටයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news