කොළඹ මහ නගර සභාවෙන් එජාපයට විශිෂ්ඨ ජයක්

 02/11/2018 - 17:47
2534 reads

පළාත් පාලන මැතිවරණයේ නිකුත්වෙමින් පවතින ප්‍රතිපල අතර කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය විසින් ජයගෙන ඇත්තේ වැඩි ජන්ද 71266කින්.

එක්සත් ජාතික පක්ෂය ලබා ගත් මුළු ජන්ද සංඛ්‍යාව 131, 353ක් වන අතර, ඒ අනුව ඔවුන්ට ආසන 60ක් හිමිව තිබෙනවා.
පොදුජන එක්සත් පෙරමුණ ආසන 23කට කියන්නේ ජන්ද 60087 ක් ලබා ගනිමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ජන්ද 31421ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට හිමිවූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 12ක්.

එක්සත් ප්‍රගතිශීලී සන්ධානය ජන්ද 27168ක් ලබාගෙන ආසන 10කට හිමිකම් කියයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂිකාව වන්නේ රෝසි සේනානායක මහත්මියයි.

මෙවර පළාත් පාලන ජන්ද ප්‍රතිපල අනුව දැනට වැඩිම පරතරයකින් පක්ෂයක් ජය ලබා ඇත්තේ කොළඹ මහ නගර සභාවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news