මැතිවරණ ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින්න

 02/11/2018 - 12:51
8 reads

මැතිවරණ ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින ලෙස පොලීසිය  ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පශ්චාත් මැතිවරණ කාලසීමාවේදී පෙළපාලි සහ රැස්වීම් පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර පොලොන්නරුව, කඳුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ජාතික සාම සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා සිව් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඔවුන් පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තාවක් ද අදාළ සිද්ධියේදී තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

දේශපාලන පක්ෂවල පැවති මත ගැටුමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගැටුමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news