ජනපති සහ අගමැති සමීපතමයන් හා ජ්‍යෙෂ්ඨයින් හදිසියේ කොළඹට කැඳවයි

 02/11/2018 - 12:33
1514 reads

මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද පස්වරුවේ රැස්වන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව සැළකීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් පසුබෑමකට ලක්ව ඇති බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පළමු පෙළ නායකයින් සහ දෙවන පෙල කකණ්ඩායමේ නායකයන් අතර හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

කොළඹින් බැහැර ප්‍රදේශවල සිටි පිරිසකට ද මෙම සාකච්ඡාව සඳහා කොළඹට පැමිණෙන ලෙස දැනුම්දී ඇතැයි සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news