කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ '10,000ක' වෙනස නිවැරදි වූ හැටි

 02/11/2018 - 08:28
1308 reads

අද අළුයම නිකුත් කෙරුණු මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතු වුණා.

ඒ, එහි වලංගු වූ ඡන්ද සංඛ්‍යාව සහ දේශපාලන පක්‍ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ පරස්පරතාවක් ඇතිවීම හේතුවෙන්.

එම නිසා එම ඡන්ද ප්‍රතිඵලය යළි නිවැරදි කර නිකුත් කිරීමටයි මැතිවරණ කොමිසම කටයුතු කළේ.

පළමුව නිකුත් කෙරුණු ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 8621 ක් ලබාගනිමින් එම ප්‍රාදේශීය සභාව යටතේ ආසන 07ක් දිනාගැනීමට සමත් වුණා.

එක්සත් ජාතික පක්‍ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 3,417 ක් වන අතර එම පක්‍ෂයට හිමි වූ ආසන සංඛ්‍යාව 03 ක්.

මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 928 ක් ලබාගනිමින් එක් ආසනයක් දිනාගත්තා.

එහිදි වලංගු ඡන්ද ප්‍රමාණය ලෙස සටහන්ව තිබුණේ 24,048 ක්.

කෙසේ වෙතත්, පසුව මැතිවරණ කොමිසම සඳහන් කළේ එම ප්‍රාදේශීය සභාවේ වලංගු ඡන්ද සංඛ්‍යාව 13,893 ක් බවයි.

අසන ප්‍රමාණයේ වෙනස්වීමක් සිදු නොවුනු අතර, වලංගු ඡන්ද සංඛ්‍යාව පමණක් නව ප්‍රතිඵල ලේඛනයේ වෙනස් වී තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
election
Kirinda
Puhulwella